කීර්ති අබේවික්‍රම මාතාවගේ 142 වැනි සංවත්සරය පෙරටු කර ගෙන සිදු කරන ලද බස් රථයක් ලබා දීමේ අරමුණින් පෙරදැරිව අති සාර්ථක ලෙස විද්‍යාලීය ආදී ශීෂ්‍ය සංගමයේ මුල් කර ගැනීම සිදු විය.
With the aim of providing a bus which was done ahead of the 140th anniversary of Mother Keerthi Abeywickrama, Peredariwa was very successfully rooted in the college students' association.
කීර්තියන්ස් මේලා පා ගමන
මාර / මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසලට වසර 142 ක් සපිරීම නිමිත්තෙන් පාසලට බස් රථයක් මිල දී ගැනීමේ අරමුණින් පවත්වනු ලබන සංගීත සන්දර්ශන, අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනය ආදී වැඩසටහන් මාලාවේ 'කීර්තියන්ස් පා ගමන' දෙසැම්බර් 03 වන දින පැවැත්විය.
පෙ.ව.10.30ට කොස්නිල්ගොඩ , රඹුකන මංසන්ධියෙන් ආරම්භ වූ පා ගමන පාසලේ ක්‍රියාකාරීව පවතින විවිධ සංගම් 18ක් වශයෙන් හා, පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ආදි ශිෂ්‍ය සංගමේ සහභාගිත්වයෙන් ගමන් ගත්හ. මෙම පා ගමන විඳුහඩ මාධ්‍ය ඒකකයේ මුහුණුපොත හරහා සජීවීව විකාශය වූ අතර මෙය නැරඹීමට මඟ දෙපස විශාල ජනකායක් රැස්ව සිටියහ.
ප.ව.1.00 පමණ වන විට පා ගමනේ අවසානය මොරවක ජාතික පාසල් ක්‍රීඩාංගනයේ දී සනිටුහන් වූ අතර ඉන් පසුව පා ගමනට සහභාගි වූ සියලුම දෙනාට ස්තුති කිරීමේ අරමුණින් නොමිලයේ පැවති සංගීත සන්දර්ශනය ප.ව.2.00ට පමණ ආරම්භ වී ප.ව.5.00 පමණ වන විට නිමා විය. මෙම වැඩසටහන් මාලාවේ සුවිශේෂී ම සන්ධිස්ථානය වූ 'කීර්තියන්ස් මේලා පා ගමනේ' සාර්ථක නිමාව දැකීමට කීර්තියන්ස් ශිෂ්‍ය පිරිස සමත් වූහ.