වර්තමාන මොරවක කණිටු විදුහල පිහිටි භූමි භාගයේ ඉදිවු අඩි 60x 20 ප්‍රමාණයේ කුඩා ශාලාවක මිශ්‍ර පාසලක් ලෙස 1949 ජනවාරි 04 දින ඇරඹී මොරවක ජුනියර් පාඨශාලාව වසර දශක හයකට ආසන්න කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසලේ ආරම්භය ලෙස සැලකේ.
ගෙවී ගිය හැට වසරකට ආසන්න කාලය තුළ මෙම විදු මැණියන්ගෙන් පෝෂණය වූවෝ සියදහස් ගණනකි. දහස් ගණන් වියතුන් කලාකාමීන්, විශිෂ්ඨ ගණයේ ක්‍රීඩක, ක්‍රීඩිකාවන්, විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන නායකයින්, දේශපාලඥයින් මෙන්ම සමාජයේ විවිධ ස්ථර වල නායකත්වය දරන්නන් ලෙස ඔවුහු අද ලක්මැණියන් පෝෂණය කරයි. මෙවන් යහපත් පුරවැසියන් රැසක් රටට දායාද කළ මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසලේ දු දරුවෝ දිස්ත්‍රික්, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රැසක් හිමිකර දුන් බව අභිමානයෙන් යුතුව සිහිපත් කරමු.
විදුහල් ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයන් ලෙසට,
- 1958 ජනවාරි 01 දින මොරවක ජුනියර් පාඨශාලාව මහා විද්‍යාලයක් බවට පත් වන අතර කලා අංශයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශ පන්ති ආරම්භ වීම.
- 1967 මාර්තු 01 දින වර්තමානයේ විද්‍යාලය පැවැත්වෙන භූමි භාගයේ ඉදිවූ ගොඩනැගිලි වලට පන්ති කීපයක් රැගෙන එන අතර, 1968 සිට වර්තමාන විදුහල් භූමියේ ඉදිවු ගොඩනැගිලි වල සියළු පංති ස්ථානගත කිරීම.
- 1976 සිට කලා විෂය ධාරාවට අමතරව වාණිජ හා විද්‍යා විෂය ධාරාවන්ගෙන් උසස් පෙළ පන්ති ආරම්භ වීම.
- 1984 අප්‍රේල් 26 දින විදුහල මධ්‍ය මහා විද්‍යාලයෙන් බවට උසස් කෙරෙන අතර 1990 දෙසැම්බර් 01 දින පාසල මොරවක කීර්ති අබේවික්‍රම මධ්‍ය මහා විද්‍යාලය යනුවෙන් නම් කිරීම.
- 2000 ඔක්තෝබර් 10 දින විදුහල ජාතික පාසලක් බවට පත් කිරීම යන අවස්ථා සඳහන් කළ හැකිය..
ආරම්භ කළ වර්ෂය |
1880 මාර්තු 19 |
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
84 |
මුල් ගුරුතුමාගේ නම |
එස්.ඒම්. සිරිවර්ධන මහතා |
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
පාසලේ නම |
මාර/මොරවක ආණ්ඩුවේ ස්වභාෂා පිරිමි පාඨශාලාව |
පාසල රජයට පවරාගත් දිනය |
1955 ඔක්තෝම්බර් 15 |
පාසල පැවැත්වූ ස්ථානය |
වර්ථමාන මොරවක නගරය පිහිටි ස්ථානය |
මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත්වීම | 1984 අප්‍රේල් 26 |
ජාතික පාසලක් බවට පත්වීම | 2000.10.01 |