මාර / මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසලට බස් රථයක් මිල දී ගැනීමේ අරමුණින් පසුගිය දිනයන්හි දී පැවැත්වූ
'කීර්තියන්ස් මේලා' වැඩසටහන් මාලාව මඟින් ප්‍රමාණවත් වත්කමක් සපයා ගැනීමට නොහැකි විය.
එම නිසා ආසන සංවිධායක කේ. ටී මහින්දරත්න මහතාගේ ඉල්ලීම මත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ 'සක්වල වැඩසටහන' යටතේ අප පාසලට රුපියල් ලක්ෂ 55ක් වටිනා බස් රථයක් ලබා දීමට එතුමා පොරොන්දු වී තිබුණි.
එතුමාගේ 'සක්වල වැඩසටහන' යටතේ ලබාදෙන 64 වන බස් රථය අප පාසලට ජනවාරි 05 වන දින ලබා දීමට කටයුතු කරන ලදි. එහි දී මොරවක බස් නැවතුම්පාෙළේ සිට මොරවක ජාතික පාසල දක්වා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සුරතින් බස් රථය ධාවනය කරනු ලැබුවේ විද්‍යාලාධිපතිතුමා , ප්‍රාදේශීය මන්ත්‍රීවරු හා ගුරු දෙමාපියන් සමඟ ය.
මෙම අවස්ථාව සඳහා පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්, දෙමාපියන් හා ආදි ශිෂ්‍යයින් බොහෝ දෙනෙකු සහභාගී විය. එහි දී මොරවක ජාතික පාසල් ශ්‍රවණාගාරයේ දී ප.ව.4.30 ට උත්සව සභාවේ කටයුතු පොල්තෙල් පහන් සිළු ඒකාලෝකමත් කිරීමෙන් ඇරඹිණි. උත්සව සභාව විවිධ කලාත්මක අංගයන්ගෙන් විචිත්‍රවත් වූ අතර ප.ව.7.00 පමණ වන විට උත්සවයේ වැඩ කටයුතු සාර්ථක ව නිමා විය.